Open Time :

Monday - Sunday පැය 24 පුරා සේවාව

සියෝගාර්ඩ් ආරක්ෂක සේවා අන්තර්ජාතික පුද්ගලික සමාගම

සියෝගාර්ඩ් ආරක්ෂක සේවා අන්තර්ජාතික පුද්ගලික සමාගම

අනොන්‍ය වශයෙන් ජයග්‍රාහී වාතාවරණයක් සපුරන පරිදි අපගේ සේවා දායකයන්ගේ අභිලාෂයන් උපරිම ලෙස සම්පූර්ණ කිරීම සඳහා මානව බලයත්, තාක්ෂණයේත් සැබෑ ආශිර්වාදයෙන් යුක්තව විනිවිද පෙනෙන හා පරිපූර්ණ ආරක්ෂක සේවාවක් සැපයීම සියෝගාර්ඩ් ආරක්ෂක සේවා අන්තර්ජාතික පුද්ගලික සමාගමයි.

අපගේ දැක්ම

ඔබගේ එදිනෙදා ජීවිතය පහසු කරවීම.

අපගේ මෙහෙවර ප්‍රකාශය

අනොන්‍ය වශයෙන් ජයග්‍රාහී වාතාවරණයක් සපුරන පරිදි අපගේ සේවා දායකයන්ගේ අභිලාෂයන් උපරිම ලෙස සම්පූර්ණ කිරීම සඳහා මානව බලයත්, තාක්ෂණයේත් සැබෑ ආශිර්වාදයෙන් යුක්තව විනිවිද පෙනෙන හා පරිපූර්ණ ආරක්ෂක සේවාවක් සැපයීම.

අප පිළිපිදන හරවත් සාරධර්ම

  • සුපිරි පාරිභෝගික සේවාවක් සැලසීම
  • නවෝත්පාදන වැළඳ ගැනීම
  • සැමවිට බාහිර ලෝකය පිළිබඳ අවදියෙන් සිටීම
  • අඛණ්ඩ සේවාවක් සැපයීම
  • සේවකයින් වෙනුවෙන් කැපවීම
  • සාර්ථකත්වය සඳහා සැලසුම් දියත් කිරීම මඟින් ප්‍රතිඵල නෙලා ගැනීම

මූලික අභිප්‍රාය

2020 වන විට “ආසියානු අහස අපේ” යන තේමාව සමඟින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආරක්ෂක සේවා කර්මාන්තයේ සුවිශේෂී පුරෝගාමියෙකු වීමයි.

ව්‍යාපාරික අභිමතාර්තය

පැමිණිලි වලින් තොර සුවපහසු සේවාවක් සැලසීම.

මෙහෙයුම් ක්‍රියාවලිය සිදුවන අයුරු

  • සතියේ දින හතේම පැය 24 පුරා ක්‍රියාත්මක වන අධීක්ෂණ අංශයක් මඟින් සේවා ස්ථාන නිතර අධීක්ෂණයට ලක් කිරීම.
  • සේවා ස්ථානයත්, සේවා දායකයාත් අතර මනා සම්බන්ධීකරණයක් ගොඩනගා ගැනීම.
  • සේවා ස්ථාන හොඳින් අධ්‍යනය කර ඒ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම.
  • හදිසි ඇමතුම් සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයක් සකසා තිබීම මඟින් ඉක්මන් සේවාවක් සැපයීම.

අප සුවිශේෂී වන්නේ ඇයි...?

  • නිලධාරීන් සඳහා රැකියාව පිළිබඳව මනා පුහුණුවක් ලබා දීම සහ එය අඛණ්ඩව පවත්වාගෙන යාම.

අප තදින් විශ්වාස කරන දෙයක් නම්, පුහුණුව යනු අපේක්ෂිත කාර්යසාධනය ගොඩනංවන අධ්‍යාපන නිපුණතා සංවර්ධන ක්‍රියාවලියක් වන බවයි. එබැවින් අපගේ නිලධාරීන් සඳහා විශිෂ්ඨ පුහුණු වැඩසටහනක් පවත්වාගෙන යන අතර ඔවුන් සඳහා සම්පූර්ණ අවබෝධයක් ලබා දීමට අප කටයුතු කරන්නෙමු. එමෙන්ම ආරක්ෂක සේවා කර්මාන්තයේදී අපව හඳුනාගැනීම ශක්තිමත් කිරීම සඳහා අපගේ නිලධාරීන් හට නවීන විදේශීය පුහුණුවක් ලබා දීම, අපගේ ඊළඟ බලාපොරොත්තුවයි.

  • ආරක්ෂක නිලධාරීන් තෝරා ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කිරීම

අප විසින්, විශ්වාසය උල්ලංඝනය කරන ලද අයවලුන්, යුක්තියට හෝ සාමයට පටහැනි ලෙස ක්‍රියාකර ඇති අයවලුන්, මනා පෞර්ෂත්වයක් නොමැති අයවලුන් කිසිදු හේතුවක් මත සේවයට බඳවා ගන්නේ නැත.

ත්‍රිවිධ හමුදාවේ හෝ ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරී කර යහපත් චරිත සහතික ඇති අයවලුන් මෙන්ම සාමාන්‍ය ජනතාව අතරින් ප්‍රසංශනීය වාර්තා ඇති පෞර්ෂමත් අයවලුන් කෙරෙහි සඳහා පමණක් අපගේ බඳවා ගැනීම් සීමා වේ. නීති රීති නියම ලෙස පිළිපැදීම තුලින් විශිෂ්ඨ සේවාවක් සැපයීමට අපගේ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදු කෙරේ.

  • උසස් අධීක්ෂණ පද්ධති

පැය 24 පුරා ක්‍රියාත්මක වන වැඩ අධීක්ෂණ ක්‍රමවේදය මඟින් සේවා දායකයාට උපරිම සේවාවක් සැලසීමට කටයුතු කිරීම

  • ශක්තිමත් සේවාවක් සැපයීම පිළිබඳව සහතික කල හැකි වීම

අපගේ ආරක්ෂක නිලධාරීන් වනාහි සුදුසුකම්ලත්, අල්ලසට යටත් නොවන, ඉතා හොඳින් වැටුප් ලබන, ශ්‍රී ලාංකික අයවලුන් වේ. එවැනි නිලධාරීන්ගෙන් අපගේ සේවා දායකයින් හට තෘප්තිමත් සේවාවක් ලබා දීමට අප සහතික වන්නෙමු.

  • හදිසි ආපදා සහ ගිනි නිවීම සම්බන්ධයෙන් ලබා දෙන පුහුණුව

අපගේ ආරක්ෂක නිලධාරීන් හට රජයේ අනුමත පළපුරුදු උපදේශකවරයෙක් යටතේ සෑම මාස 03 කටම වරක් ගිනි නිවීමේ සහ හදිසි ආපදා තත්වයන්හිදී කටයුතු කිරීමේ පුහුණු වැඩහටහනක් ක්‍රියාත්මක කෙරේ.

  • අපගේ සේවාවන්
  1. කර්මාන්තශාලා, වැඩ බිම්, විවිධ ස්ථාන සඳහා කණ්ඩායම් වශයෙන් හෝ ඒක පුද්ගල ආරක්ෂක සේවාව සැපයීම. අප ආයතනය යටතේ සේවය කරන ආරක්ෂක නිලධාරීන් පහත පරිදි වේ.
  • ප්‍රධාන ආරක්ෂක නිලධාරී
  • ස්ථානභාර නිලධාරී
  • ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී
  • කණිෂ්ඨ ආරක්ෂක නිලධාරී
  • කාන්තා අරක්ෂක නිලධාරී
  1. විශේෂ ආරක්ෂක නිලධාරීන්, පෞද්ගලික සහායකවරුන් සැපයීම
  2. ආරක්ෂක විශ්ලේෂණය, උපදේශන සේවා සහ පෞද්ගලික පරීක්ෂණ සේවා ලබා දීම
  3. අති නවීන විද්‍යුත් උපාංග මඟින් ආරක්ෂක පද්ධති සැපයීම.
  4. ව්‍යාපාරිකයන් හට ආරක්ෂාව සැපයීම සහ මූල්‍ය අය කිරීම් කඩිනම් කර දීමේ ව්‍යාපෘති සිදු කිරීම
  5. විශේෂ රාජකාරි, උත්සව අවස්ථා, එක්දින සේවා සඳහා ආරක්ෂක නිලධාරීන් සැපයීම
  • බඳවා ගැනීමේ පටිපාටිය

අධ්‍යාපන සුදුසුකම්

  1. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම
  2. පිළිගත් අධ්‍යාපන ආයතනයකින් වෘත්තීය මට්ටමේ පාඨමාලාවක්/පාඨමාලා හදාරා තිබීම
  3. උසස් අධ්‍යාපනික සුදුසුකම් ලබා තිබීම ඉහළ ඇගයීමකට ලක් කරනු ලැබේ

තෝරා ගැනීමේදී සලකා බැලෙන කරුණු

  1. නීත්‍යානුකූල ලියවිලි සහිතව ශ්‍රී ලාංකික පුරවැසියෙක් බව සනාථ කිරීම
  2. මූලික අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබීම
  3. වෘත්තීය පළපුරුද්ද සම්බන්ධයෙන් ලබා ඇති සහතික
  4. සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා හැසිරවීම සම්බන්ධයෙන් දක්වන දක්ෂතාවය
  5. පොලිස් වාර්තා සහ චරිත සහතික
  6. සම්මුඛ පරීක්ෂණයෙන් ඉදිරිපත් කල වාර්තාව

සියෝගාර්ඩ් ආරක්ෂක සේවා අන්තර්ජාතික පුද්ගලික සමාගම

සියෝගාර්ඩ් ආරක්ෂක සේවා අන්තර්ජාතික පුද්ගලික සමාගම ලියාපදිංචි අංකය : පී . වී 108063
error: Content is protected !!