Open Time :

Monday - Sunday පැය 24 පුරා සේවාව

සභාපතිතුමාගේ පණිවිඩය

අමායා දේශ් සමූහ ව්‍යාපාරයේ සභාපති වශයෙන් ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව මා අතිශය සතුටට පත්වන අතර අප සමාගම් සමූහයේ සාඩම්බර කොටස්කරුවන් වන සියලුම සේවා ලාභින්ට සහ සේවා දායකයින්ට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමි.

අද වන විට මුළු මහත් දිවයිනේම කීර්තියට ලක්ව සිටින අප ලඟා කරගෙන තිබෙන ජයග්‍රහණයන් එක් දිනකින් අත්පත් කරගත්තක් නොවේ. මා සමඟ උරෙනුර ගැටී අඛණ්ඩව ශක්තිය ධෛර්යය ලබා දෙමින් අද වන තෙක් මා සමඟ රැඳී සිටින දක්ෂතා වලින් පරිපූර්ණ මාගේ කාර්ය මණ්ඩලයත්, මාගේ නායකත්වය යටතේ රැකියාවේ නියුතු සේවක සේවිකාවන් සියලුම දෙනාත් ඊට එක හා සමාන දායකත්වයක් ලබා දෙමින් සිටියි. ඔවුන් සියලු දෙනා අප සතු මුල්ම වත්කම ලෙස මා දකිමි.

ඉතාමත්ම කුඩා පරිමාණ ශ්‍රම සේවා සැපයුම් ව්‍යාපාරයකින් 2011 වර්ෂයේදී අප ඇරඹි ගමන් මඟ ඔස්සේ අද වන විට දහස් ගණනක පිරිසක් සිය ජීවන මං පෙත හෙළි පෙහෙලි කරගෙන ඇති අතර එම මෙහෙවර ඉදිරියටද පවත්වාගෙන යාම මාගේ අරමුණයි. දුක් කම්කටොළු රාශියක් මැද මා ලබා ගත් පන්නරය තුළින් ආයතන රැසක් ජීවය ලබා ඇති සැටි දකින විට මා තුල ඇතිවන්නේ නිහතමානී ආඩම්බරයකි.

ඔබට අවැසි දේ “අමායා දේශ්” තුළින් සොයා ගන්න උත්සාහ කරන්න. එය මා ඔබට කරන සුහද ඇරයුමයි**

දේශමාන්‍ය, දේශබන්දු, ලංකා තිලක, E.R.K.A දේශප්‍රිය
සභාපති, අමායා දේශ් සමූහ ව්‍යාපාරය.

error: Content is protected !!