Open Time :

Monday - Sunday පැය 24 පුරා සේවාව

අමායා දේශ් පුද්ගලික සමාගම

අප ගැන

ශ්‍රම සැපයුම් ආයතනයක් වශයෙන් 2011 වර්ෂයේ සිට අද දක්වා ක්‍රියාත්මක වන අප ආයතනය ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයතන රැසකට සේවය සපයමින් සිටිමු.
අද වන විට ශ්‍රම සම්පත කළමනාකරණය කරමින් දේශීය කර්මාන්තශාලා වල නිෂ්පාදන ඉලක්ක සාක්ෂාත් කරදීමටත්, රටේ වත්මන් තරුණ පරපුර රැකියා නියුක්ත කර ඔවුන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමටත් පෙරමුණ ගෙන සිටින මානව හිතවාදී එකම ආයතනය අමායා දේශ් පුද්ගලික සමාගමයි.
හැකියාවට රැකියාවක් ලබා දී ඔබ දිරිමත් කරන අප සමාගම ඔබට උපරිම සේවාවක් ලබා දෙන අතර පැය 24 පුරා ක්‍රියාත්මක සුහදශීලී කාර්ය මණ්ඩලයකින්ද සමන්විතයි.
සේවක සුබසාධනය සැලසීම, සේවක වැටුප් හා වෙනත් ගෙවීම් නිසි කලට වේලාවට ගෙවීම සඳහා මුල් තැනක් ලබා දෙමින් සේවක තෘප්තිය අප කෙරෙහි වඩ වඩාත් රඳවා ගැනීමට ආයතනයක් වශයෙන් අප නිරන්තරයෙන් උත්සාහ ගනිමු.
මේ සියළු කටයුතු මඟින් ඔබ වෙත වඩාත් විශ්වසනීය වූත් දීර්ඝ කාලීන වූත් සේවාවක් ලබා දීමට අපට හැකියාව ලැබී ඇත.

දැක්ම

නව්‍යකරණය වූ ශ්‍රම බලකායන් නිර්මාණය කිරීම මඟින් අපගේ සේවා දායකයින්ගේ නිෂ්පාදන ඉලක්ක ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම.

මෙහෙවර

සමාජයට කැප වූ, වගකිව යුතු පුරවැසියෙකු වශයෙන් වෘත්තීයවේදීත්වය, කාර්යක්ෂමතාව සහ අඛණ්ඩතාව පවත්වාගෙන යමින් විශිෂ්ඨතම මානව බලය එක්තැන් කොට දේශයට වැඩ ඇති, ජාතියට හිත ඇති ශ්‍රම පවුරක් ගොඩ නැඟීම.

ඔබ, අප ආයතනය තෝරා ගත යුත්තේ ඇයි?

  • අප ආයතනය ශ්‍රී ලංකාවේ කම්කරු නීතීන් වලට අනුගතවූ ද, සේවක සුබසාධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර සිටින්නා වූ ද, නෛතික විධිවිධාන යටතේ මැනවින් ලියා පදිංචි වූ රජයට බදු ගෙවනු ලබන ආයතනයක් වේ. 
  • ශ්‍රී ලංකාවේ ස්ථාපිත, දේශීය සහ විදේශීය කර්මාන්තශාලා වල නිෂ්පාදන අංශයේ පවතින පුරප්පාඩු සඳහා ස්ථීර සේවකයින් සේවයේ යෙදවීම අප‍ ආයතනයේ ස්වභාවයයි.
  • අප ආයතනයේ සේවාව ඉල්ලුම් කර සති දෙකක් වැනි කාලයකදී සේවකයින් ලබා දීමට අපට හැකියාව ඇත.
  • ඔබ ආයතනයේ පවතින සේවක අවශ්‍යතාවය හොඳින් හඳුනාගෙන ඔබගේ කැමැත්ත පරිදි, ඊට අර්ධ කාලීන හෝ පූර්ණ කාලීන විසඳුම් ලබා දීමට අප ආයතනයට හැකිය.
  • ඔබ ආයතනයේ කීර්ති නාමය ආරක්ෂා වන අයුරින් විනයගරුක සේවාවක් ලබා දීමට අපි බැඳී සිටිමු.
  • අප ආයතනය මඟින් ලබා දෙන සේවකයින් අධීක්ෂණය කිරීම සඳහා කාර්යක්ෂම සුපරීක්ෂණ නිලධාරීන්ගේ සේවාව ලබා දීමට අප විසින් කටයුතු කරනු ලැබේ.
  • අප ආයතනය හරහා දිවයිනේ දුෂ්කර ප්‍රදේශ වල ආර්ථික ගැටළු වලින් බැටකන පිරිස් හඳුනාගෙන වයස, අධ්‍යාපනය වැනි සීමා නොතකමින් ඔවුනගේ හැකියාව සහ දක්ෂතාවයට මුල් තැනක් ලබා දී සුරක්ෂිත රැකියාවක් ලබා දීම මඟින් විරැකියාවට සහනයක් සැලසීම සිදු කරමින් රටේ සංවර්ධනයටද උර දෙන ආයතනයක් වන නිසා.

ශ්‍රම සේවා සැපයීම වෙනුවෙන් අප විසින් සපුරා ඇති සුදුසුකම්

  • නීත්‍යනුකූලව රජයේ ලියාපදිංචි වී ඇත.
  • සේවක අර්ථ සාධක අරමුදල සඳහා ලියාපදිංචි වී ඇත.
  • සරල කරන ලද එකතුකළ අගය මත බදු ගෙවනු ලබන්නෙමු. 
  • එකතුකල අගය මත බදු ගෙවනු ලබන්නෙමු. 
  • හදිසි අනතුරු සඳහා රු. ලක්ෂ 05 ක් දක්වා සේවක රක්ෂණාවරණ පහසුකම් සේවකයින් සඳහා ලබා දෙන්නෙමු. 
බී.ආර් සහතිකය
සේවක අර්ථ සාධක අරමුදල සහතිකය
එස්වැට් සහතිකය
බදු ගෙවනු සහතිකය
රක්ෂණාවරණ සහතිකය
අමායා දේශ් පුද්ගලික සමාගම ලියාපදිංචි අංකය : පී . වී 76969
error: Content is protected !!