Open Time :

Monday - Sunday පැය 24 පුරා සේවාව

ආයුබෝවන්..! අමායා දේශ් සමූහ ව්‍යාපාරයට ඔබ සාදරයෙන් පිළිගනිමු…

ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ලෝකයේ නොමැකෙන නාමයක් ගොඩනඟාගෙන සිටින අමායා දේශ් සමූහ ව්‍යාපාරයට ඔබ සාදරයෙන් පිළිගනිමු.

2011 වර්ෂයේ සිට අද දක්වා මානව සම්පත් කළමණාකරණය, ඉඳිකිරීම් ක්ෂේත්‍රය, ආරක්ෂක සේවා සැපයීම, සංචාරක කර්මාන්තය සහ දේශීය වී බීජ නිෂ්පාදනය ආදී ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක් පුරා අපගේ සමාගම් ක්‍රියාත්මක වෙමින් පවතී.

දියුණු වන ආර්ථික පරිසරයක් පවතින අප රටේ දේශීයත්වයට මුල් තැන දෙමින් ශ්‍රී ලා‍ංකේය ජන ප්‍රජාව, ජාති බේද, උස් මිටි, උගත් නූගත් භාවයකින් තොරව සැමට එක හා සමානව සැලකීමට අප පුරුදු පුහුණු වී සිටිමු.

ඒ තුලින් ඔබට වඩාත් යහපත් සේවාවක් සැලසීමට අප බලාපොරොත්තු වන්නෙමු.

අපගේ සේවාවන්

අමායා දේශ් පුද්ගලික සමාගම

ශ්‍රම සම්පත කළමනාකරණය කරමින් දේශීය කර්මාන්තශාලා වල නිෂ්පාදන ඉලක්ක සාක්ෂාත් කරදීමටත්, රටේ වත්මන් තරුණ පරපුර රැකියා නියුක්ත කර ඔවුන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමටත් පෙරමුණ ගෙන සිටින මානව හිතවාදී එකම ආයතනය අමායා දේශ් පුද්ගලික සමාගමයි.

 

අමායා දේශ් ටුවර්ස් පුද්ගලික සමාගම

දේශීය, විදේශීය සංචාරකයින්ගේ අවධානය දිනා ගනිමින් ලාංකීය සංචාරක ක්ෂේත්‍රයේ නැගී එන ආයතනයක් වශයෙන් අමායා දේශ් ටුවර්ස් පුද්ගලික සමාගම හඳුන්වා දිය හැකිය.

 

 

 

 

අමායා දේශ් කන්ස්ට්‍රක්ෂන්ස් ඇන්ඩ් ඉන්ටීරියර් සොලියුෂන්ස් පුද්ගලික සමාගම

නිවාස ඉඳිකිරීම්, පාලම් ඉඳිකිරීම්, වැලි නිස්සාරණය සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීම්, ජල පද්ධති ඉඳි කිරීම්, අධිවේගී මාර්ග සංවර්ධන කටයුතු ආදී ව්‍යාපෘති වල 2015 වර්ෂයේ සිට අද දක්වා අමායා දේශ් කන්ස්ට්‍රක්ෂන්ස් ඇන්ඩ් ඉන්ටීරියර් සොලියුෂන්ස් පුද්ගලික සමාගම නියැලී සිටියි.

අමායා දේශ් පැඩි

හෙළ කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා ගොවි ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් වී බීජ නිෂ්පාදනයේ නියැලීම අමායා දේශ් පැඩි ආයතනයෙන් සිදුවන කාර්යභාර්යයි.

 

 

 

සියෝගාර්ඩ් ආරක්ෂක සේවා අන්තර්ජාතික පුද්ගලික සමාගම

අනොන්‍ය වශයෙන් ජයග්‍රාහී වාතාවරණයක් සපුරන පරිදි අපගේ සේවා දායකයන්ගේ අභිලාෂයන් උපරිම ලෙස සම්පූර්ණ කිරීම සඳහා මානව බලයත්, තාක්ෂණයේත් සැබෑ ආශිර්වාදයෙන් යුක්තව විනිවිද පෙනෙන හා පරිපූර්ණ ආරක්ෂක සේවාවක් සැපයීම සියෝගාර්ඩ් ආරක්ෂක සේවා අන්තර්ජාතික පුද්ගලික සමාගමයි.

අමායා දේශ් ක්‍රීඩා සමාජය

අමායා දේශ් සමූහ ව්‍යාපාරය මගින් ප්‍රාදේශීය වශයෙන් දක්ෂතා ඇති දරුවන් තෝරාගෙන ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමට අත්වැලක් වශයෙන් මෙම ක්‍රීඩා සමාජය පිහිටුවාගෙන ඇත. මෙමගින් ක්‍රීඩා, නර්තන, ගායන, අධ්‍යාපන වැනි ක්ෂේත්‍ර ආවරණය කරමින් දරුවන්ගේ ඉදිරි අනාගතයට හැකි පමණින් දායකත්වය ලබා දෙනු ලැබේ.

All Events

Show more
26941414_158017168177760_999229234_o

මුල්ගල තැබීම

මිරිස්වත්ත අරලිය ලෑන්ඩ් විහාරස්ථානයේ චෛත්‍ය වහන්සේ ඉඳිකිරීම සඳහා මුල්ගල තැබීම....
Read More
Show more
20170816_120019

මුදල් පරිත්‍යාගය

මේ ඡායාරූප පෙළෙන් දැක්වෙන්නේ අප ආයතනයට සම්බන්ධ වී මාසයක් වගේ...
Read More
Show more
24992456_196039897639097_1697538872_n

සපත්තු පරිත්‍යාගය

අමායා දේශ් සමූහ ව්‍යාපාරයේ සභාපති, ගරු අනුර දේශප්‍රිය මැතිතුමා සහ...
Read More
Show more
IMG_20170621_150846

ගංවතුර සහනාධාර

2017 ජූනි මාසයේ ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපෑ ගංවතුර සහ...
Read More
අමායා දේශ් පුද්ගලික සමාගම ලියාපදිංචි අංකය : පී . වී 76969
error: Content is protected !!